ලෝහිත හාදුව

ලෝහිත හාදුව

01 පරිච්ඡේදය 



"කේට්ලන්,පොඩ්ඩක් එන්න මෙහාට."මං කේට්ලන්,එහෙමත් නැත්නම් මගේ ප්‍රිය බිරිදට කතා කලේ වාහනයෙන් බිමට බාන ලද පෙට්ටියක් එසවීමට උදව් ලබා ගැනීම සදහායි.

"ඉන්න මං එනවා."කේට්ලන් පිලිතුරු ලෙස පවසමින් ඉදිරි දොර දෙසට ඇවිද එන ශබ්දය මගේ සවනත වැකුණි."ඕහ් හෝ ජේසන්.ඔය මොනාද කරන්නෙ."කේට්ලන් පැවසුවේ මා දෙස බලා මහ හඩින් සිනාසෙමින්.

ඇත්තටම මා සිටි ආකාරය දකිනා ඕනෑම අයෙක්ට සිනා පහල වෙන එක සාධාරණයි.මොකද මං හිටියේ මා උස්සාගෙන සිටි පෙට්ටියේ බර වැඩිකමට දණිස් දෙකත් නවාගෙනයි.මගේ මුහුනේ හැගීම් පලවුන ආකාරය පිලිබදව කතාකිරීමට ඇත්තටම මා අකමැතියි.මොකද එය ඒ තරම්ම ලස්සන බව මට කේට්ලන්ගේ හිනාවෙන්ම තේරුම්ගන්න පුලුවන් වුනා.

"හිනාවෙවී ඉන්නෙ නැතුව මට පොඩ්ඩක් උදව් කරන්නකෝ කේට්."මං මැසිවිලි නගන ස්වරයෙන් කියන විට කේට්ලන් මා අසලට ඇවිද ආවා.තවමත් ඇයගේ මුහුනේ සිනහව නම් මැකී ගොස් තිබුනේ නෑ.

"දැන් ජෝන් එයිනේ,එයා එනකන් පොඩ්ඩක් ඉන්නකෝ ජේස්."කේට්ලන් අනිත් පසින් පෙට්ටිය එසවීමට වෙර දරමින් කීවා.

"මිනිහා එද්දී හෙට වෙයි.අපි දෙන්න එකතු වෙලා මේ බඩු ටික අස් කරගමුකෝ."

"ජේස්,,මේක නම් මට උස්සන්න බැහැ.මේකේ බර බලන්නකෝ.මොකක්ද මේක."කේට්ලන් අත් දෙකත් උඩට ඔසවමින් පිටුපසට ගියේ එසවීම ප්‍රතික්ෂේප කරමින්.

"මේ මං හිතන්නේ අපේ අල්මාරිය."

"ආහ් අර ජෝන් එන්නෙ.එයත් එක්ක ඕක උස්සන් එන්න.එක පාරම කාමරේටම දාගමු."කේට්ලන් ගේට්ටුවෙන් ඇතුලට දමා නැවැත්වූ කාරය වෙතට ඇවිද ගියා.මාත් ඇය පසුපසින් ගෑටුවේ පැමින සිටි ජෝන්,එනම් මගේ මස්සිනාව පිලිගැනීමටයි."ජෝන්,ඔයා දැන්ද එන්නෙ.අපි ගෙදරින් බාගයක්ම අස් කරලා ඉවරයි."

"ඔව්,ඒක නම් මට පේනවා මිදුල දැක්කම."ජෝන් සමච්චල් සහගත සිනාවක් පාමින් කේට්ලන්ගේ කම්මුල සිපගත්තා."කොහොමද මස්සිනා,වැඩ වගේ."මගේ උරහිසට පහරක් එල්ල කල ජෝන් මට උණුස්ම් වැලදගැනීමක් පිරිනැමුවා.

"ආයෙත් අහලා ජෝන්.මේ වැඩ ඉවරයක් වෙන්නෙ නෑනෙ."මං මගේ මස්සිනාව උණුසුම් ලෙස පිලිගනිමින් පැවසුවා.

ඇත්තටම ජෝන් කියන්නෙ මට මස්සිනාට වඩා මගේ යාලුවා.ජෝන් නිසයි මට කේට්ලන්ව මුණගැසුනේ.ජෝන් කියන්නෙ මගේ උසස් පාසලේ සිටි හොදම මිතුරා.අපි දෙන්නා බාස්කට් බෝල ගැහුවේ එකට,පිහිනුවේ එකට,ඉගෙනගත්තේ එකට.අපේ යාලුකම නිසාම මං කේට්ලන්ව අදුරගත්තා.මගෙයි කේට්ලන්ගේ යාලුකම දන්නෙම නැතුව ආදරයකට පෙරලුනා.ආදරයත් නොදැනීම විවාහය කරා ආවා.

අපි විවාහා වෙලා අදට සතියක් විතර වෙනවා.අපි විවාහා වුනාට පස්සෙ තනියම නිදහසේ ඉන්න තීරණය කලා.ඒක නිසාම ඔරිගන් වල හුදකලා පෙදසක් වුන ගැඩ්‍රීල් කියන පුංචි ගමේ ලස්සන ගෙදරක් අපි අරගත්තේ.ගැඩ්‍රීල් ගැන කියනවා නම්,ඔරිගන් වලට කිලෝමීටර 5 පමණ දුරින් පිහිටලා තියෙන්නෙ.ජෝන් ඉන්නෙ අපේ නිවසට කිලෝමීටර 3 පමණ ඈතින් තියෙන සෙන්ට්.ජේම්ස් කියන නගරයේ.ගැඩ්‍රීල් පවුල් 60 විතර වාසය කරන ගමක්.පුංචි විලක්,කැලෑවක් එහෙම තියෙන හරිම ලස්සන සිත්ගන්නාසුලු පරිසරයකට හිමිකම් කියන ගමක්.අපි ගත්ත ගෙදර තියෙන්නෙ මේ කියන කැලයට ආසන්නවයි.දෙමහල් නිවසක් වුන එහි,කාමර 5,සාලයක්,කුස්සියක්,නාන කාමර 3,සදැල්ලක් හා ඉස්තාලයක් තිබුනා.මෙවන් ලස්සන සැපපහසුකම් වලින්සපිරි නිවසක් ඩොලර් 500 ලැබුනා කිව්වහමත් පුදුමයි.ඇත්තෙන්ම අපි හරිම වාසනාවන්තයි මේ ගෙදර් එච්ච්‍ර අඩුගානකට ගන්න පුලුවන් වුන එක ගැන.විවාහයට පස්සෙ මගේ ලග ලොකු මුදලක් ඉතිරි වුනෙත් නැහැ.ඒක නිසාම දෙවරක් නොසිතා මං මේ ගෙදර අරගත්තා.ඇත්තෙන්ම බැලූ බැල්මට මේ ගෙදර කිසිම වරදක් නැහැ.


අපි ජෝනුත් සමග එකතු වෙලා මුලු නිවසම අස් කරලා දැම්මා.කේට්ලන්ට අවශ්‍ය ලෙස අස්පස් කරගන්න ඉඩ දීල මාත් ජෝනුත් බියර් දෙකකුත් අරන් ඉස්තෝප්පුවට ආවේ පුංචි කතාවක් දාන්න හිතාගෙන.
රාත්‍රී කෑම කෑ පසුව ජෝනුත් නික්ම ගියා.මායි,කේට්ලනුයිත් මහංසිය නිසාම කලින්ම නින්දට වැටුනේ හෙට ඉරිදා දිනයක් වූ බැවින් පල්ලි යාමට උදේම නැගිටීම සදහායි.

ලෝහිත හාදුව.

02 පරිච්ඡේදය 



කේට්ලන්ගේ දෘ.කෝ.


"ජේසන් ඉක්මනට එන්නකෝ.පූජාව පටන් ගන්නත් ලගයි.ඔයා නාන්න ගියාම පැල වෙනවනේ."මං නානකාමරය ඉදිරිපිට සිට ජේසන්ට කෑගැසුවේ දිව්‍ය පූජාවට යාමට පරක්කු වී ඇති නිසා මදක් කේන්තියෙන්.

"විනාඩියක් දෙන්න කේට්,මං එනවා.ඔයා කාර් එකට යන්න.මං ටක්ගාලා ඇදන් එන්නම්."ජේසන් නානකාමරය තුල සිටම මට පිලිතුරු දුන්නා.

"විනාඩි 5 දෙන්නෙ.ඔයා ආවෙ නැත්නම් මං ඩ්‍රයිව් කරන් යනවා."

"හරි පැටියෝ.මං විනාඩි 5 එනවා."

මං පිටුපස දොර හා ජනෙල් වසා ඉස්සරහා ජනෙලුත් සෝදිසි කර කාර් එක වෙතට ගියා.විනාඩි තුනක් පමණ යනවිට ජේසන් දුවගෙන මෙන් කාර් එක වෙතට ඇවිත් මගේ කම්මුලක් සිපගත්තා.

"සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ."ජේසන් හිනා වෙමින් තාලෙට කියන ගමන්ම කාර් එකට නැග්ගා.මං ඉස්සරහ දොර වහලා දාලා ආයෙත් කාර් එක වෙතට ගිහින් ඇතුලට නැග්ගා.

"ඔයාව උදේට නැගිට්ටවගන්න නම් තියෙන්නෙ පුදුම අමාරුවක් ජේසන්.මං අනිත් දවසෙ හොද සීතල වතුර එකක් හලනවා ඔලුවේ ඉදන්."

"ඕහ් හෝ එහෙමනම් කරන්න එපා.මොකද එතකොට ඔයාටමනේ කරදරේ මෙට්ට වේලන්න ගියාම."

"හ්හ් දැන් කවුද කිව්වෙ මෙට්ටෙ වේලන්නෙ මං කියල."

අපි දෙන්නගේ කතාවෙන් කතාව අපින්පල්ලිය වෙතටත් ආවා.අපි යනකොට පූජාව පටන් අරන් තිබුනේ නැහැ වාසනාවට.
දිව්‍ය පූජාව අවසන් වූ පසුව අපි පල්ලියෙන් එලියට පැමිණ අපේ කාර් එක වෙතට එනකොට කන්‍යා සොයුරියක් අප වෙතට ඇවිදන් ආවා.

"ගුඩ් මෝර්නින් සිස්ටර්" අපි දෙන්නා ඇයට සිනහවකින් සංග්‍රහ කරද්දී ඇයත් අපට සුහදශීලී සිනහවකින් සංග්‍රහ කලා.

"ගුඩ් මෝර්නින් දරුවනේ.ඔයාලා මෙහෙට අලුත් වෙන්න ඕනෙ."

"ඔව් සිස්ටර්,අපි ඊයේ මෙහාට පදිංචියට ආවේ.'ක්‍රිම්සන්" නිවසට."

"ඕහ්,ක්‍රිම්සන් නිවසටද?"කුමක් හෝ කාරණාවකට ක්‍රිම්සන් යන නම ඇසු විට ඇගේ මුහුනේ ඉරියව් වෙනස් වුනා.නමුත් එම ඉරියව් හදුනාගැනීමට මට අපහසු වුනේ ඒවා ක්ශනිකව සිනහවකින් සැගවී ගිය බැවිනුයි."ඒක හරිම ලස්සන ගෙදරක්.නමුත් මතුපිටින් සුදුහුණු ආලේප කරපු සොහොන් කොතත් හරිම ලස්සනයි."ඇය එයින් අදහස් කලේ කුමක්ද?

"සිස්ටර් කැතරින්,පොඩ්ඩක් මෙහාට එනවද?"පල්ලිය අසල සිටි තවත් කන්‍යා සොහොයුරියක් අපත් සමග සිටි කන්‍යා සොහොයුරියට කතා කලා.

"මට සමාවෙන්න,මට යන්න වෙනවා.හදුනාගන්න ලැබීම සතුටක්."

"අපිටත් එහෙමයි සිස්ටර්."

"මොකක් හරි අවශ්‍යතාවයක් වුනොත් මං මෙහෙ කන්‍යාරාමයේ ඉන්නවා.මාව හම්බවෙන්න.මම සිස්ටර් කැතරින්."

"හොදයි,සිස්ටර්.ස්තූතියි.දෙවි පිහිටයි."

"දෙවි පිහිටයි."

සිස්ටර් කැතරින් පල්ලිය අසල සිටි කන්‍යාසොයුරිය වෙතට ඇවිදන් යන අයුරු මං මොහොතක් බලා සිටියා.

"ඒ ලමයි ක්‍රිම්සන් නිවසට අලුතින් පදිංචියට ඇවිත් තියෙන්නෙ."සිස්ටර් කැතරින් අනෙක් කන්‍යා සොයුරියට කියනවා මට ඇහුනා.මං ඒ දෙසට මොහොතක් සවන් යොමු කලා.

"ඔයා එයාලට මොනා හරි කිව්වද?"අනෙක් කෙනා ඇසුවා.

"නැහැ..ඒ ලමයිව බය කරන්න බැහැනෙ.අනිත් එක අපිට තාම කිසි දෙයක් හරියට ඔප්පු වෙලා නෑනෙ.ඒත් මං එයාලට අනතුරු ඇගෙව්වා.එයාල ඒක තේරුම් ගත්තොත් හොදයි.අවශ්‍ය වුනොත් මට ඇවිත් කතා කරන්න කියලා කිව්ව.කෝකටත් ෆාදර් ක්‍රිස්ටෝපර්ට මේ ගැන කියලා තියන එක හොදයි."

" ඔව් ඒක ඇත්ත."

"කේට්,අපි යමුද දැන්."ජේසන්ගේ බාධා කිරීමෙන් මං පියවි ලෝකයට ආවා.

"අ ම්ම් ආ ඔව්,යමු."මං ජේසන්ගේ පසු පසින් ඇවිද ගියේ කන්‍යාසොයුරියන්ගේ කතාව ගැන කල්පනා කරමිනුයි.ඇත්තෙන්ම ඔවුන් ඒ කතාවෙන් අදහස් කලේ මොකක් වෙන්න පුලුවන්ද?

"මොනාද ඔයා කල්පනා කරන්නෙ."ජේසන් මගේ අත අල්ලා ගන්න ගමන් ඇසුවා.

"ම්ම් නෑ මුකුත් නෑ."

"මුකුත් නැති වෙන්න බැහැ.ඔයා දන්නවා ඔයාට ඕනෙම දෙයක් මාත් එක්ක කියන්න පුලුවන් කියලා."මං ජේසන්ගේ දෑස් දෙස බැලුවා.ඒවා වලින් ඔහුගේ සිතේ මා කෙරෙහි ඇති ආදරය මනාව පෙන්නුම් කලා.

"නෑ මේ මං කල්පනා කලේ සිස්ටර්ගේ කතාව ගැන."

"මොන කතාවද?"

"අර සුදු හුණු ගාපු සොහොන් කොතේ කතාව."

"ආහ් ඒකද?කතාව නම් ටිකක් අමුතුයි.ඒත් ඉතින් සිස්ටර් කෙනෙක්නෙ අනේ.උපමාවක් ගැන කියන්න ඇති.ඕක එච්චර කල්පනා කරන්න දෙයක් නෙවෙනෙ.අද දේශනාවට තිබුනෙත් අර අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කරන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය ඉවත් කරගන්න කියන උපමාවනේ.ඉතින් සුදුහුණු සොහොන් කොතේ උපමාව ගැන සිස්ටර් කියන්න ඇති ඒ උපමාවටම සමාන නිසා.අනිත් සිස්ටර් කතා කරපු නිසා සිස්ටර්ට කතාව ඉවර කරගන්න බැරි වුණා."

"ඔව් ඔයා හරි ඇති."ජේසන් හරි ඇති.මං ඕනෑවට වඩා හිතනවා.ඒක සිස්ටර් නිකන් කියපු කතාවක් වෙන්න ඇති.මං බොරුවට හිත කලබල කරගන්නවා.ඊට පසුව මං ඒක ගැන අමතක කරදමන්නට උත්සහ කරමින් ජේසන් සමග වෙනත් කතාවක් පටන් ගත්තා.


ලෝහිත හාදුව.

03 පරිච්ඡේදය 


අපි මෙම නිවසට පැමිණ දින 2 සතුටින් සැහැල්ලුවෙන් ගෙවී ගියා.තුන්වෙනි දවසත් උදා වුනේ හරිම ලස්සනටයි.මං උදේම නැගිටලා සුඖරුදු විදියට තේ හදලා උදේ කෑම හදන්න පටන් ගත්තා.මගේ පිටුපසින් පැමිණි අත් දෙකක් මගේ බද වටා එතුනේ මගේ කම්මුල තෙත් තොල් දෙකකින් ස්පර්ශ කරද්දියි.

"ගුඩ් මෝර්නින් පණ."

"ගුඩ් මෝර්නින්.පුදුමයි අද උදෙන්ම නැගිටලා."

"අපි උදෙන්ම නැගිට්ටොත් තමයි පුදුමෙ.ටොමියා උදේම නැගිට්ටොත් කිසි පුදුමයක් නෑ."ජේසන් කට ඇද කර කර කියද්දි මට බකස් ගාලා හිනා ආවා.

"මැට්ටා,ඇඩ්වර්ටීස්ට්මන්ට් වල ඩයලොග්ස් කියන්නෙ නැතුව ගිහින් තේ එක බොන්න.අනිත් එක කව්ද ටොමියා."මං පිහිය මගේ නිකටේ අතුල්ලමින් ඇසුවේ ඇත්තටම කල්පනා කරමින්.

"ටොමියා කියන්නේ ම්ම්ම්ම් ටොමියා කියන්නෙ මගේ අලුත් යාලුවා."

"දැන් බල්ලොත් ඔයාගේ යාලුවෝද?"

"දැන් කව්ද කිව්වෙ ටොමියා බල්ලෙක් කියලා."

"ඇයි අනේ ටොමී කියලා දාන්නෙ බල්ලන්ටනේ,මිනිස්සුනත් දාපු කාලයක් තිබ්බා,ඒත් දැන් වැඩියෙන් දාන්නේ බල්ලන්ට."

"හරි,ඇයි බල්ලෙක්ට මගේ යාලුවා වෙන්න බැරිද?බල්ලා මිනිසාගේ පරම මිතුරාය,අහලා නැද්ද?"

"මං බැහැයි කිව්වේ නෑනේ,එක ටොඉයෙක් නෙවේ ටොමියො සීයක් හරි ඔයාගේ යාලුවෝ වුනාට මට මොකද?"

පුංචි පුංචි රණ්ඩු,සිනහා,ඕපදූප,පොඩි කතා අතරින් අපේ උදෑසන ලස්සනට ගෙවිලා ගියා.උදේ ආහාරය ගත් පසුව ජේසන් කාර්‍යාලයට යන්නට පිටත් වුණා.හවස් වෙනකන් දැන් මං තනියම.ජේසන් නැති වුනාම තමයි මට එයාගේ අඩුව හොදින්ම තේරෙන්නේ.මුලු ගෙදරම පාලුවට යනවා.මහා කම්මැලිකමකින් මගේ මුලු ගතම වෙලා ගන්නවා.ගෙදර අස් කරන වැඩ,වත්තෙ වැඩ වලින් මං මගේ පාලුව මකා ගන්න උත්සහ කලත් ඒක එතරම්ම සාර්ථක වෙන්නෙ නැහැ.

මං දවල් මල් පැල වගයක් හිටවමින් ඉද්දී මං නාදුනන කාන්තාවක් අපේ ගේට්ටුව ගාවට ඇවිත් මට කතා කලා.

"ඔයාලද මෙහාට අලුතෙන් ආවෙ."ඇය මගෙන් ඇසුවා.

"ඔව්.අපි තමයි ආවේ.මං කේට්ලන් අදෝනිස්.මගේ හස්බන්ඩ් ජේසන් අදෝනිස්."

"හදුනාගැනීම සතුටක්,මිසිස් ඇන්ඩර්සන්.මං සෙරීනා මයිකල්ස්."

"හදුනාගැනීම සතුටක් මිසිස් මයිකල්ස්."මං සුහදශීලී සිනහවක් පාමින් පැවසුවා.

"මං මේ ඔයාට මේ ගැන කියන්නමයි හිටියේ."

"මොකක්ද?"මගේ මුහුනේ ඇදි ප්‍රශ්නාර්ථ ලකුන ඇයට හොදින්ම පෙනෙන්නට ඇති.

"පොඩ්ඩක් පරිස්සමින් ඉන්න."ඇය ඇස් දෙක ලොකු කරමින් මට කියද්දි මගේ සිතට නොතිත් බියක් ඇතුලු වුනා.

"ඒ කිව්වෙ?ඔයා මොකක්ද ඒකෙන් අදහස් කලේ."

"මේ ගෙදර පොඩ්ඩක් අමුතුයි.ඒක නිසා පරිස්සමින් ඉන්න.වැඩි විස්තරයක් කියන්න මං දන්නේ නෑ.නමුත් මේ ගෙදර මරණ දෙකක් සිද්ද වෙලා තියෙනවා."

"මරණ දෙකක්."මගේ සිතතුල හට ගත් බිය බුර බුරා නැගෙන්නට වුනේ මගේ ගතම සීතල කරමින්.

"ඔව්,,මං හරි විස්තරයක් දන්නෙ නෑ.නමුත් මැරුණේ පිරිමි ලමයි දෙන්නෙක්.මැරුණාද කියන්නත් කවුරුත් හරියටම දන්නෙ නෑ.එයාලා අතුරුදහන් වුනා.ඒත් අතුරුදහන් වෙලා මෙච්චර කල් කිසිම හෝඩුවාවක් නැතිවෙන්න බැහැනේ.ඔයාලත් පොඩ්ඩක් පරිස්සමින් ඉන්න.ඒ පිරිමි ලමයි දෙන්නගේ නෝනලගෙන් එක්කෙනෙක් කෝමා එකකට ගියා,අනිත් කෙනාට පිස්සු හැදුනා."

"ඔයා මාව බය කරනවා මිසිස් මයිකල්ස්."මං ඇගේ අතක් තදින් මිරිකමින් පැවසුවේ බිය වැඩිකමටයි.

"මට සමාවෙන්න.නමුත් පරිස්සමින් ඉන්න.මොකක් හරි වෙනසක් තේරුණොත් ෆාදර් ක්‍රිස්ටෝපර්ට කියන්න.මං යනවා.මට පරක්කුයි."අය එසේ කියමින් පාර දිගේ ඈතට ඇවිද ගියා.

සෙරීනාගේ කතාවත් සමග මගේ හිතට දැනුන බිය කල්පනා කිරීමත් සමගම වැඩි වන්නට වුනා.ජේසන් එනකන් ඉස්තෝප්පුවට වෙලා මං මග බලාගෙන සිටියේ ගෙදර ඇතුලට යාමට ඇතිවූ බිය නිසායි.

ගොම්මන් කලුවර වැටෙන විට ජේසන් නිවසට පැමිණියා.මං ඔහු වෙතට දුව ගොස් ඔහිව බදාගත්තා.

"ඒහ් ඒයි කේට්,මොකද මේ කවදාවත් නැතුව.තාම රෑ වෙලත් නෑ හෙහේ.මං වොශ් එකක් දාගන්නකන්වත් ඉන්නකෝ.ඔච්චරටම ඉවසන්න බැරිද අනේ!"

"මං මේ එකසිය ගානට බය වෙලා ඉන්නවා.ඔයා මේ විකාර කියෝනවා."මං ජේසන්ට කියද්දී මගේ ඇසේ කදුලු පිරුණා.මං සෙරීනා කියූ සියල්ල ජේසන් හා පැවසුවා.

"ඕහ් හෝ කේට්ලන්.ඔයා මේ පිස්සු ගෑනියෙක් කියපු කතාවක් නිසා ඔලුව අවුල් කරගත්තේ ඇයි?"

"මොනාද ජේසන්.විහිලු නෙවෙයි අනේ."

"ඉතින් මාත් විහිලු නෙවෙයි කරන්නෙ කේට්.සෙරීන මයිකල්ස් කියන්නෙ එඩ්වර්ඩ් මයිකල්ස්ගේ නෝනා.එයාට මානසික ලෙඩක් තියෙනවා.අද මං එනකොට ගමේ කඩේට ගියා.එතනත් ඔය සෙරීන හිටියා.එතන හිටපු මනුස්සයෙක් තමයි මට සෙරීනගෙයි,එඩ්වර්ඩ්ගෙයි කතාව කිව්වේ.සෙරීනට පිස්සු.එඩ්වර්ඩ් සෙරීනව දාලා ගිහින් තියෙන්නෙත් ඒකයි.එයා ගියාට පස්සෙ සෙරීනගේ පිස්සුව වැඩි වුනාලු.ඔයා බොරුවට කලබල වෙලා තියෙන්නෙ කේට්.කෝ දැන් ඕක අමතක කරලා මට රස තේ එකක් හදන් එන්න."ජේසන් මගේ දෙතොල් වලට කුඩා හාදුවක් දෙමින්ම නිවස තුලට ගියා.

'සමහර විට ජේසන් හරි ඇති.පිස්සු ගෑනියෙක් කියන කතාවක් පිලිගන්න මට පිස්සුනේ.අයියෝ ගොන් මම.මේ කවුරුත් කියන කතා අහගෙන මගේ හිත කලබල කරගත්තා.'

කෙමෙන් කෙමෙන් අදුර ගලාගෙන විත් රාත්‍රිය උදා වුණා.අපි රාත්‍රී ආහාර වේල ගෙන ඇදට වැටුනේ තවත් විඩාබර දවසක අවසානය සනිටුහන් කරන්නටයි.

"ම්ම්,,කේට්ලන්."ජේසන් මගේ මුහුනට එබී මගේ කෙහෙරැල් අතින් හදමින් කියන්නට වුණේ බර හුස්ම වලින් මගේ මුහුන නහවමිනුයි.

"ම්ම්ම්."මට කියාගත හැකි වුනේ එපමණයි.මගේ තොල් අතර ජේසන්ගේ තොල් දගකරන්නට වුනා.මගෙත් තොල් ඔහුගේ තොල් හා දග කරන්නට වූ අතර ඔහුගේ දිව මගේ මුව පුරා දිව්වා.මගේ කටින් ශෘංගාරාත්මක ශබ්ද පිටවන්නට වූ අතර ඒවා වලින් ජේසන් තව තවත් ඇවිස්සෙන්නට වුණා 

මගේ ගවුමේ පටිය පැන්නූ ඔහු මගේ නිරුවත් පපුව අතර ඔහුගේ මුව හොවා ගත්තේ මගේ ඉවසීමේ සීමාව පන්න්වමිනුයි.මොහොතකින් අප දෙදෙනා රති සුවය විදින්නට වුනේ දවස් ගානක් පිපාසාව සිටි මුවන් දෙදෙනෙක් දිය බොන්නා සේයි..

"ක්ක්ක්‍රාස්ස්ස්ස්ස්....."ශබ්දයකින් මගේ නින්ද කැඩුනා.මං ගැස්සී අවදි වී ඇද මත වාඩි වුනේ ගැලවී තිබූ මගේ ගවුම නැවත සාදා ගනිමිනුයි.මං අසල තිබූ ඔරලෝසුවෙන් වෙලාව බැලීමි.පාන්දර 3 ලෙස එහි සදහන්ව තිබුනා.

'මොකක්ද ඒ සද්දේ,නිකන් හරියට දම්වැලක් ඇදීගෙන යනවා වගේ.එහා වත්තේ බල්ලවත් රිංගලද ගේ ඇතුලට.'එසේ සිතමින් මං ජේසන් දෙසට හැරුණා.ඔහු සුව නින්දක සැතපී සිටි අතර ඔහුව ඇහැරවීමට මට ලෝභ හිතුන නිසා මං ඇදෙන් බැස බැලීමට තීරණය කලා.

ඇදෙන් බැස මං දොර දෙසට ඇවිද ගියේ හිතේ සුලු චකිතයකින් යුක්තවයි.දවල් මිසිස් මයිකල්ස්ගේ කතාවත්,සිස්ටර් කැතරින්ගේ කතාවත් මගේ සිහියට නැගුනා.ඉහින් කනින් දාඩිය දාන විටම මං දොර අසලට ගොස් දොර ඇරියා.දොර සෙමින් විවර කල පසුව මං හිමින් පිටත කොරිඩෝවට එබී බැලුවේ හිතේ ඇති බය මදකට යටපත් කරගනිමිනි.

'කවුරුත් නෑ.මගේ මනස්ගාත.එක එක විකාර අහලා මගේ හිතත් විකාරයක් වෙලා.'

මටම් කියාගනිමින් මං නැවතත් ඇදදෙසට හැරුණා.ඇද ලගට ගොස් ඉදගෙන වතුර ජෝගුව ගත්තේ මට දැනුන තිබහ නැති කරගන්නටයි.

'ඕහ් ශිට් වතුරත් ඉවරයි.දැන් නම් වතුර නොබී නින්ද යන්නේ නැහැ.' 

මං නැවතත් ඇදෙන් බැස කාමරෙන් පිටවී කුස්සිය දෙසට ඇවිදන් ගියා.ශීතකරණය විවර කර වතුර බෝතලයක් ගෙන එයින් වතුර වීදුරුවකට දමාගත් මා එය බොන්නට පටන් ගත්තා.

"ක්‍රාස්ස්ස්ක්‍රාස්ස්ස්"නැවතත් ඇසුණු දම්වැල් ශබ්දය නිසා මං වතුර බොන එක නැවැත්තුවා.මගේ අත වෙව්ලන්නට වුනේ හිතට දැනුන බය නිසයි.මං වීදුරුව පැත්තකින් තියලා නැවත සවන් දුන්නා.නමුත් කිසිදු ශබ්දයක් ඇසුනේ නෑ.මං එලෙසම තවත් විනාඩි දෙක තුනක් සිටිය නමුත් නැවතත් එවන් ශබ්දයක් ඇසුණේ නෑ.මං ඉක්මන් ගමනින් කාමරයට ගොස් දොර වසාගෙන ඇදට පැන්නා.

'මං හිතෙන් මවා ගත්ත දෙයක් වෙන්න ඇති.නැත්නම් ඒක දිගටම ඇහෙන්න ඕනේනෙ.දවල් අහපු කතා නිසා මං බොරුවට කලබල වෙලා.ජේසන්ට මේ ගැන නොකියා ඉන්න එක වඩා හොදයි.නැත්නම් එයා මට හිනා වෙයි.'එසේ සිතමින්ම මං නැවත නින්දට වැටුනා.


No comments:

Post a Comment