hello බබා

hello බබා
_________
හවසට උස්සගෙන එලවළු මල්ල බර
අම්මා එන මගට යන්නැති පුත්තු යස
පරිස්සමට " කෙල්ල" ගෙදර යවන්නට
මගින් මගට කෝල් කරලා බලන රඟ...!
ළිප ළඟ දුමත් කාගෙන බත හදලා දෙන
අම්මා කෑවාදැයි නොඅසන දූරු අද
"hello බබා කෑවද" අහනවා රෑට
කොල්ලා ළඟට කෙටි පණිවිඩ යවලා ගොඩ
සේරම ගෙදර වැඩ නිමකර අැඳට යන
අම්මාට good night නොකියන පුත්තු ටික
දාහක් වැඩ මැදත් සුපුරුදු වෙලාවට
'hello බබා good night"ලු පැටියාට
අනේ පාන්දර නැගිටලා අම්මා වැඩ
දූරු කොහිද පොල් ටිකවත් ගාලා දෙන
අැඳේ ඉඳන් උන් කොල්ලාව අැහැරවන
"hello බබා good morning" කියාගෙන
කතා කරලා වැඩ කරවන හිතක් නැතත්
පුතේ හිතලා දෙන උදව්ව දැනෙයි ගොඩක්
එපා කියයි අම්මාගෙ හැටි එහෙම වුණත්
දුවේ නිකන් හරි දැවටිලා හිඳිනු ටිකක්

2 comments: