සුදු රයිනෝගෙන් පසු වදවීයාමේ අනතුරට ලක්ව ඇති අනෙක් සත්වයින්?

ලොව අවසාන පිරිමි 'උතුරු සුදු' රයිනෝ පසුගියදා මෙලොවින් සමු ගැනීමත් සමග එම විශේෂය මිහිමතින් තුරන්ව යාමේ අවදියට පත් විය.
දැනට මිහිමත වෙසෙන ඉතිරි 'උතුරු සුදු' රයිනෝ දෙදෙනාම ගැහැණු සතුන් වන අතර යළි එම විශේෂයට ජීවය ලබා දිය හැකි වනුයේ විද්‍යාව ආධාරයෙන් පමණි. එනම් IVF තාක්ෂණය ආධාරයෙනි.
'උතුරු සුදු' රයිනෝ සතුන් වඳ වී යාමේ තත්ත්වය සත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන පුණ්‍යාතනයක් වන WWF ආයතනයේ ප්‍රධානී කොලින් බට්ෆීල්ඩ් විසින් හඳුන්වනු ලැබුවේ "නරක තත්ත්වයක්" ලෙසනි. 
දැඩි අනතුරක සිටින 1958 වසරේදී සොයා ගැනුණු 'Vaquita' නමැති තල්මස් විශේෂය සහ ජාවා රයිනෝ සතුන් ද 'උතුරු සුදු' රයිනෝ ගිය මග යමින් සිටින තවත් සත්ව විශේෂ දෙකකි.
එසේම සුමාත්‍රා රයිනෝ, කළු රයිනෝ, අමූර් දිවියන්, අලිඇතුන් සහ බෝනියෝ ඔරංඋටං ඇතුළු විශේෂ ගණනාවක් ද වඳ වී යාමේ දැඩි අනතුරක සිටින සතුන් ලෙස සැලකේ. ඇතැම් විශේෂ අතරින් දැනට මිහිපිට වෙසෙන්නේ සියයක් තරම් අඩු සංඛ්‍යාවකි
ශාක, ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ මුහුදු ජීවීන් වර්ග හතකට ඇතුළත් කර සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් "රතු ලැයිස්තුවක්" හඳුන්වා දී ඇත.
"අඩුවෙන්ම අවධානයට ලක් වන" විශේෂවල සිට "අවදානමට ලක්විය හැකි", "අනතුරට ලක්ව පවතින" ලෙස ඉහත කී වර්ග කොටස් තුනකට බෙදා තිබේ.
සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමයට අනුව සත්ව සහ ශාක විශේෂ 5,583 දැඩි අනතුරක පවතී.
එසේම දැඩි අනතුරක පවතින විශේෂ විසිහයක්වත් 2017 වසරේදී අලුතින් නම් කරනු ලැබීය. 
2016 වසරේ දී නිවේදනයක් නිකුත් කරමින් IUCN ආයතනය කියා සිටියේ Vaquita නමැති තල්මස් විශේෂයෙන් මිහිපිට ඉතිරිව ඇත්තේ 30 අඩු සංඛ්‍යාවක් බවය. දශකයක් තුළ එම විශේෂය වඳවී යාමට ඉඩ ඇති බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
සත්ව ගහනයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම සෑමවිටම කළ නොහැක්කකි. 
නමුත් IUCN ආයතනය වෙත දත්ත සපයන සෙසු ආයතන වඩාත් නිවැරදි ඇස්තමේන්තුගත කිරීම්වලට එළඹීම සඳහා විවිධ ක්‍රම ගණනාවක් භාවිත කරති.

ගොඩබිම වෙසෙන ක්ෂීරපායී සතුන් ගණනය කිරීම සඳහා පරිසර සංරක්ෂණ ආයතන භාවිත කරන ක්‍රම:

  • GPS උපාංග
  • එක් එක් සතුන්ගේ විශේෂ සලකුණු හඳුනා ගත හැකි සඟවන ලද කැමරා 
  • දඩයම් බිම්වල සලකුණු 
  • වසුරු 
  • පා සලකුණු 
  • ගස් මත ඇති සීරීම් සලකුණු 



Presentational grey line

දඩයමට ලක්වන සතුන්ගේ ප්‍රමාණය සහ එක් කලාපයකට දැරිය හැකි විශේෂ පිළිබඳ ඇස්තමේන්තු සමග ඉහත කී කරුණු මත පදනම්ව පරිසර සංරක්ෂණ ආයතන අදාළ ගණනය කිරීම් කරනු ලබයි.
එමෙන්ම සෑම වසරකදීම අලුතින් විශේෂ සොයා ගනු ලැබීම ද සිදුවේ.

No comments:

Post a Comment