hello බබා

hello බබා
_________
හවසට උස්සගෙන එලවළු මල්ල බර
අම්මා එන මගට යන්නැති පුත්තු යස
පරිස්සමට " කෙල්ල" ගෙදර යවන්නට
මගින් මගට කෝල් කරලා බලන රඟ...!
ළිප ළඟ දුමත් කාගෙන බත හදලා දෙන
අම්මා කෑවාදැයි නොඅසන දූරු අද
"hello බබා කෑවද" අහනවා රෑට
කොල්ලා ළඟට කෙටි පණිවිඩ යවලා ගොඩ
සේරම ගෙදර වැඩ නිමකර අැඳට යන
අම්මාට good night නොකියන පුත්තු ටික
දාහක් වැඩ මැදත් සුපුරුදු වෙලාවට
'hello බබා good night"ලු පැටියාට
අනේ පාන්දර නැගිටලා අම්මා වැඩ
දූරු කොහිද පොල් ටිකවත් ගාලා දෙන
අැඳේ ඉඳන් උන් කොල්ලාව අැහැරවන
"hello බබා good morning" කියාගෙන
කතා කරලා වැඩ කරවන හිතක් නැතත්
පුතේ හිතලා දෙන උදව්ව දැනෙයි ගොඩක්
එපා කියයි අම්මාගෙ හැටි එහෙම වුණත්
දුවේ නිකන් හරි දැවටිලා හිඳිනු ටිකක්

සුදු රයිනෝගෙන් පසු වදවීයාමේ අනතුරට ලක්ව ඇති අනෙක් සත්වයින්?

ලොව අවසාන පිරිමි 'උතුරු සුදු' රයිනෝ පසුගියදා මෙලොවින් සමු ගැනීමත් සමග එම විශේෂය මිහිමතින් තුරන්ව යාමේ අවදියට පත් විය.
දැනට මිහිමත වෙසෙන ඉතිරි 'උතුරු සුදු' රයිනෝ දෙදෙනාම ගැහැණු සතුන් වන අතර යළි එම විශේෂයට ජීවය ලබා දිය හැකි වනුයේ විද්‍යාව ආධාරයෙන් පමණි. එනම් IVF තාක්ෂණය ආධාරයෙනි.
'උතුරු සුදු' රයිනෝ සතුන් වඳ වී යාමේ තත්ත්වය සත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන පුණ්‍යාතනයක් වන WWF ආයතනයේ ප්‍රධානී කොලින් බට්ෆීල්ඩ් විසින් හඳුන්වනු ලැබුවේ "නරක තත්ත්වයක්" ලෙසනි. 
දැඩි අනතුරක සිටින 1958 වසරේදී සොයා ගැනුණු 'Vaquita' නමැති තල්මස් විශේෂය සහ ජාවා රයිනෝ සතුන් ද 'උතුරු සුදු' රයිනෝ ගිය මග යමින් සිටින තවත් සත්ව විශේෂ දෙකකි.
එසේම සුමාත්‍රා රයිනෝ, කළු රයිනෝ, අමූර් දිවියන්, අලිඇතුන් සහ බෝනියෝ ඔරංඋටං ඇතුළු විශේෂ ගණනාවක් ද වඳ වී යාමේ දැඩි අනතුරක සිටින සතුන් ලෙස සැලකේ. ඇතැම් විශේෂ අතරින් දැනට මිහිපිට වෙසෙන්නේ සියයක් තරම් අඩු සංඛ්‍යාවකි
ශාක, ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ මුහුදු ජීවීන් වර්ග හතකට ඇතුළත් කර සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් "රතු ලැයිස්තුවක්" හඳුන්වා දී ඇත.
"අඩුවෙන්ම අවධානයට ලක් වන" විශේෂවල සිට "අවදානමට ලක්විය හැකි", "අනතුරට ලක්ව පවතින" ලෙස ඉහත කී වර්ග කොටස් තුනකට බෙදා තිබේ.
සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමයට අනුව සත්ව සහ ශාක විශේෂ 5,583 දැඩි අනතුරක පවතී.
එසේම දැඩි අනතුරක පවතින විශේෂ විසිහයක්වත් 2017 වසරේදී අලුතින් නම් කරනු ලැබීය. 
2016 වසරේ දී නිවේදනයක් නිකුත් කරමින් IUCN ආයතනය කියා සිටියේ Vaquita නමැති තල්මස් විශේෂයෙන් මිහිපිට ඉතිරිව ඇත්තේ 30 අඩු සංඛ්‍යාවක් බවය. දශකයක් තුළ එම විශේෂය වඳවී යාමට ඉඩ ඇති බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
සත්ව ගහනයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම සෑමවිටම කළ නොහැක්කකි. 
නමුත් IUCN ආයතනය වෙත දත්ත සපයන සෙසු ආයතන වඩාත් නිවැරදි ඇස්තමේන්තුගත කිරීම්වලට එළඹීම සඳහා විවිධ ක්‍රම ගණනාවක් භාවිත කරති.

ගොඩබිම වෙසෙන ක්ෂීරපායී සතුන් ගණනය කිරීම සඳහා පරිසර සංරක්ෂණ ආයතන භාවිත කරන ක්‍රම:

  • GPS උපාංග
  • එක් එක් සතුන්ගේ විශේෂ සලකුණු හඳුනා ගත හැකි සඟවන ලද කැමරා 
  • දඩයම් බිම්වල සලකුණු 
  • වසුරු 
  • පා සලකුණු 
  • ගස් මත ඇති සීරීම් සලකුණු 



Presentational grey line

දඩයමට ලක්වන සතුන්ගේ ප්‍රමාණය සහ එක් කලාපයකට දැරිය හැකි විශේෂ පිළිබඳ ඇස්තමේන්තු සමග ඉහත කී කරුණු මත පදනම්ව පරිසර සංරක්ෂණ ආයතන අදාළ ගණනය කිරීම් කරනු ලබයි.
එමෙන්ම සෑම වසරකදීම අලුතින් විශේෂ සොයා ගනු ලැබීම ද සිදුවේ.

කොහොමද YouTube එකෙන් සල්ලි හොයන්නෙ ?


"ඔයා කීයක් හම්බ කරනවද?" යන්න බොහෝ දෙනා නිරන්තරයෙන් තමන් වෙත යොමු කරන ප්‍රශ්නයක් බව එවන් එඩින්ගර් පවසයි.
ඔහු යූටියුබ් ජාලය ඔස්සේ ජීවිකාව සලසා ගන්නා යූටියුබ් තාරකාවකි.
"ඉතින් මම එයාලට දළ ආදායමක් කියනවා. මගේ නිවාස ගාස්තුව ගෙවාගන්නත්, ඉඳල හිටලා කඩෙන් කෑමක් ගන්නත් ඒ මුදල ඇති කියලා මම කියනවා."
නිරන්තරයෙන් තමන්ට යොමුවන මේ ප්‍රශ්නයට වීඩියෝ බ්ලොගයක් (ව්ලොගයක්) මාර්ගයෙන් පිළිතුරු දීමට අවසානයේ එවන් එඩින්ගර් (Evan Edinger) තීරණය කළේය.
යූ ටියුබ් ජාලය මාර්ගයෙන් මුදල් උපයා ගන්නා ප්‍රධාන ක්‍රම පහක් ඔහු එම ව්ලොගය මගින් සිය ග්‍රාහකයන්ට හෙළි කර තිබේ.

1. වෙළෙඳ දැන්වීම්



ඔහු පවසන පරිදි ඒ අතරින් පළමු ක්‍රමය, අන්තර්ජාල වෙළෙඳ දැන්වීම්ය.
යූටියුබ් ජාලය ඔස්සේ වීඩියෝ බෙදා හැරීමේදී මුල් යුගයේදී එයින් ආදයමක් ලැබුන ප්‍රධානම ක්‍රමවේදය වෙළෙඳ දැන්වීම් වුවත්, කාලයේ වෙනස සහ යූටියුබ් ජාලයේ වෙනස්වීම් සමග වෙළෙඳ දැන්වීම්වලින් දැන එතරම්ම ආදයමක නොලැබේ.
සිය යූටියුබ් වීඩියෝවක් නැරඹීමට ප්‍රථම ග්‍රාහකයන් නරඹන වෙළෙඳ දැන්වීම් වීඩියෝවක් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අදාළ වීඩියෝව හිමිකරුට ගෙවනු ලැබේ. එය ඇමෙරිකානු ඩොලරයක සිට ඩොලර් පහක් දක්වා වූ මුදලක් විය හැකිය.
එහෙත් මෑතක සිට වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම පහළ වැටෙමින් තිබෙන බව එවන් එඩින්ගර් පවසයි.
උදාහරණයක් ලෙස දස ලක්ෂයක පිරිසක් නැරඹු වීඩියෝවක් සඳහා ලැබෙන ආදායම ඩොලර් දහසක සිට පන් දහසක් දක්වා වූ මුදලක් විය හැකිය.

2. "සන්තෝසම්"



"patreon" ලෙසින් හඳුන්වන ක්‍රමවේදයක් මාර්ගයෙන් ද යූටියුබ් ඔස්සේ මුදල් ඉපයිය හැකි බව ඔහු විස්තර කරයි.
"ඒක හරියට අන්තර්ජාලයේ සන්තෝසම් බෝතලයක් වගේ," ඔහු පවසයි.
"ඔබ කැමති වුනත්, නැතත් ඔබ ඒ වීඩියෝව නරඹනවා. ඉතින් ඔබ කිසියම් වීඩියෝවකට කැමති නම් මාසයකට ඩොලරයක් නැත්නම් වීඩියෝවකට දොලරය්ටක් වගේ මුදලක් ගෙවන්න පුළුවන්."
එවැනි අවස්ථාවල කිසියම් මුදලක් ගෙවන ග්‍රාහකයන්ට අති විශේෂ වීඩියෝ නැරඹීමේ අවස්ථාව සලසා දීමට "යූටියුබ් තාරකාවන්ට" හැකියාව තිබේ.
යූටියුබ් ඔස්සේ අදාළ නිෂ්පාදනය පිළිබඳව විස්තර කළ පසුව කිසිවෙකු එම යොමුව හරහා ගොස් එය මිලදී ගත්තේ නම් එහිදී බොහෝ විට යූටියුබ් තාරකාවට ප්‍රසාද දීමනාවක් හිමි වේ.

3. සබැඳි යොමු



මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රය සහ රූප ලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බ්ලොග්කරුවන්ට/කාරියන්ටය.
සිය යූටියුබ් නාලිකාව ඔස්සේ කිසියම් මෝස්‌තර නිර්මාණයක් හෝ රූප ලාවන්‍ය නිෂ්පාදනයක් පිළිබඳව සඳහන් කොට එයට ප්‍රචාරයක් ලබාදීමට ඔහුට/ඇයට හැකියාව තිබේ.
එහිදී තමන් ප්‍රිය කරන නිර්මාණයක් පිළිබඳව අදහස් පළ කිරීම මගින් ආදයමක් ද ලැබිය හැකි වීම එහි තිබෙන විශේෂත්වයය.

4. සෘජු වෙළඳාම

සිය යූටියුබ් නාලිකාව ඔස්සේ සෘජුවම භාණ්ඩ ප්‍රචාරය කිරීම

5. සමාගම් සඳහා ප්‍රචාරය

සිය භාණ්ඩ ප්‍රචාරය කරන මෙන් ප්‍රධාන පෙළේ සමාගම්වලින් ලැබෙන ඉල්ලීම් යූටියුබ් තාරකාවන් මුදල් උපයනැ ප්‍රධානම ක්‍රමවේදය බව එවන් පවසයි.
"ඒ වගේ ඩීල් එකකින් වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම වගේ දොළොස් වතාවක විතර ආදායමක් හොයාගන්න පුළුවන්."
source:British Broadcasting Corporation